රනිල් නිසා මෛත්‍රී අඩියක් පස්සට ගත්තාද?

Date:

ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම විසින් අගමැති ධූරය සඳහා නම් තුනක් ජනධිපතිවරයා වෙත යොමු කරන බව ඊයේ දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ, එම ස්වාධීන කණ්ඩායමේ පිරිස අතර පැවති සාකච්ජාවෙන් අනතුරුවය.

එහෙත් මේ දක්වා එලෙස එම නම් තුන ජනාධිපතිවරයා වෙත යොමුකර නැත.

එම කණ්ඩායමෙන් අගමැති ධූරය සඳහා යෝජනා වී ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා,ඩලස් අලහප්පෙරුම සහ විජයදාස රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ නම් ය.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති මන්දිරයේදී පැවති සකාච්ජාවේදී අගමැති ධූරය භාර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බවට වාර්තා විය.

මේ අතර සමඟි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු ද ස්වාධීන වන බවට ප්‍රකාශ කෙරුණු අතර සමඟියේ කණ්ඩායමෙන් 25ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමේ සූදානමින් පසුවන බවද වාර්තා විය.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටීමක් සිදුවුවා වන්නටද විය හැකිය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...