රුසියානු-යුක්රේන දේශසීමාව අසල දුම්රියක් මතට ගුවන් පාලමක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට මායිම් වන රුසියාවේ ක්ලිමොව් නගරයේ සිට රුසියානු අගනුවර වන මොස්කව් වෙත යමින් සිටි මගී දුම්රියක් මතට බ්‍රයන්ස්ක් ගුවන් පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කර තිබේ.

මාර්ග පාලම දුම්රිය මතට කඩා වැටෙන විට දුම්රියේ එන්ජිම සහ මෝටර් රථ කිහිපයක් පීලි පැන ඇති බව බලධාරීන් තහවුරු කර ඇති අතර බ්‍රයන්ස්ක් සිට අන්තර්ජාලයට නිකුත් කරන ලද ඡායාරූපවල, අඳුරේ සුන්බුන් වලින් ගොඩ ඒමට එකිනෙකාට උදව් කරන, කැඩී බිඳී ගිය මැදිරි සහ මගීන් පෙන්නුම් කරයි.

මේ සමබන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි රුසියානු රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...