බස් ගාස්තු වැඩි වෙයිද?

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW :

එළැඹෙන ජුලි මාසයේ සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටී.

පවතින තත්ත්වය හමුවේ ජුලි මාසයේ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. අද (01) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.