ශ්‍රී ලාංකිකයන් පැමිණෙතැයි ඉන්දියාව සිය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි

Date:

මේ වනවිට දේශපාලන හා ආර්ථික අර්බුදවලින් දැඩිලෙස බැටකමින් සිටින ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධී බෝට්ටු භාවිතා කර ඉන්දියාවට යාමට ඉඩ ඇති බවට එරට ආරක්ෂක අංශ සැක කරනවා. මේ හේතුවෙන් දකුණු ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

ඒ අනුව දකුණු ඉන්දීය වෙරළ කළාපය තුළ අතිරේක ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බළකාවේ මුර සංචාරය ඉහළ දමා තිබෙනවා.

වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජනතාවට උපදෙස් ලබා දී තිබෙන්නේ ධීවර යාත්‍රා නතර කරන ස්ථාන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසයි. එවැනි සැකසහිත යාත්‍රාවක් දක්නට ලැබුණහොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය කාලසීමාව පුරා උතුරේ දමිළ ජාතිකයන් සැළකිය යුතු පිරිසක් නීතිවිරෝධී යාත්‍රා භාවිතා කරමින් ඉන්දියාව වෙත ගොස් සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය.

මේ වනවිට ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන අර්බුදයක්ද මතුව තිබෙන බැවින් උතුරේ දමිළ ජාතිකයන් පමණක් නොව සිංහල හා මුස්ලිම් ජාතිකයන්ද දකුණු ඉන්දියාවට ඇතුළුවීමට ඉඩ තිබෙන බවටයි ඉන්දියාව සැක කරන්නේ. වටරැක බන්ධනාගාරයෙන් පැනගිය පුද්ගලයන් 50 දෙනෙකු මේ වනවිටත් අතුරුදන්ව සිටිනවා. එම සිරකරුවන් මෙන්ම හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ද ඉන්දියාවට පැමිණීමට ඉඩ තිබෙන බවද තමිල්නාඩු පොලීසිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...