නවක වදයේ අවසානය තව දුරද?

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

ඊයේ (03) දින කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

පසුගිය දෙවනදා , එම කාර්මික විද්‍යාලයේ තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන එම සිසුවිය නවක වද සිද්ධිය හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි හානිකර ගැනීම සඳහා කුලියාපිටිය ඩිපෝව අසල වැවට පැන තිබුණි. එලෙස සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇත්තේ වයස අවුරුදු 22ක් වූ වත්තේගම ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව වාර්තා විය. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ඇය බේරාගෙන රෝහල්ගත කෙරුණි.

පොලීසිය පැවසුවේ, සිද්ධියට අදාළව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව සැකකරුවන් අද කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...