බැඩිමින්ටන් ප්‍රවිනයෝ කොළඹට

නිශ්මං රණසිංහ ජුනි 04, කොළඹ LNW:

සිලෝන් මාස්ටරස් බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කිරීමට විදේශයන් නියෝජනය කරන ඇතැම් ප්‍රවීන ක්‍රීඩකයින් අද ද දිවයිනට පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.ජුනි 6 වන දා ඇරඹෙන තරගාවලිය ජූනි 9 වන දා නිමාවීමට නියමිත අතර පෙර වසරවල සහභාගි වූ විදේශ ක්‍රිඩකයින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ පහසුකම් සැළකිල්ලට ගෙන මෙවරත් තරගවලියට සහභාගි වීමට විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා.


ශ්‍රී ලංකා ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රීඩක කණ්ඩායමේ ජාත්‍යන්තර කීර්තියක් දිනූ නිලූක කරුණාරත්න වැනි ක්‍රීඩකයින් ද,ප්‍රවීන ක්‍රීඩිකාවන් අතර ලෝකයේ අවධානයට ලක්ව සිටින රේණු චන්ද්‍රිකා වැනි ක්‍රීඩිකාවන්ද තරග වදිනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.ජූනි 6 වන දා සිට 9 වන දා දක්වා කොළඹ ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේ තරග නැරඹීමේ අවස්ථාව නොමිලේ උදා කර දී තිබෙනවා..නෙළුම් කුළුණ ආසන්නයෙන් වැට ඇති බ්රේ වැව් ඉවුර දිගේ ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගණයට පිවිසිමට අවස්ථාව සකසා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...