බැඩිමින්ටන් ප්‍රවිනයෝ කොළඹට

Date:

නිශ්මං රණසිංහ ජුනි 04, කොළඹ LNW:

සිලෝන් මාස්ටරස් බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කිරීමට විදේශයන් නියෝජනය කරන ඇතැම් ප්‍රවීන ක්‍රීඩකයින් අද ද දිවයිනට පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.ජුනි 6 වන දා ඇරඹෙන තරගාවලිය ජූනි 9 වන දා නිමාවීමට නියමිත අතර පෙර වසරවල සහභාගි වූ විදේශ ක්‍රිඩකයින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ පහසුකම් සැළකිල්ලට ගෙන මෙවරත් තරගවලියට සහභාගි වීමට විශේෂ උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා.


ශ්‍රී ලංකා ප්‍රවීන බැඩිමින්ටන් ක්‍රීඩක කණ්ඩායමේ ජාත්‍යන්තර කීර්තියක් දිනූ නිලූක කරුණාරත්න වැනි ක්‍රීඩකයින් ද,ප්‍රවීන ක්‍රීඩිකාවන් අතර ලෝකයේ අවධානයට ලක්ව සිටින රේණු චන්ද්‍රිකා වැනි ක්‍රීඩිකාවන්ද තරග වදිනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.ජූනි 6 වන දා සිට 9 වන දා දක්වා කොළඹ ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේ තරග නැරඹීමේ අවස්ථාව නොමිලේ උදා කර දී තිබෙනවා..නෙළුම් කුළුණ ආසන්නයෙන් වැට ඇති බ්රේ වැව් ඉවුර දිගේ ශාන්ත ජෝෂප් ගෘහස්ථ ක්‍රීඩාංගණයට පිවිසිමට අවස්ථාව සකසා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...