හල්ලොලුව යළි රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළවය.

පසුගිය 30 වැනිදා සිට අද (04) දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද දින යළි ඔහු බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 සිට 2025 දක්වා හිටපු ජනාධිපතිවරුන්ව රජයෙන් බලාගත්ත බලාගැනිල්ල මෙන්න!

කොළඹ LNW: විශ්‍රාමික ජනාධිපතිවරු සහ වැන්දඹූ භාර්යාවන් සඳහා 2021...

පොදු ජනතාවට නැති වරදාන වරප්‍රසාද වෙන කිසිවෙකුටත් අවශ්‍ය නෑ – නි. ඇමති ප්‍රසන්න ගුණසේන

කොළඹ LNW:ජනතාවට නොලැබෙන වරදාන, වරප්‍රසාද වෙනත් කිසිවෙකුටත් ලැබිය යුතු...

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහි හදිසි පරීක්ෂණය ‘කුමන්ත්‍රණයක්’ දැයි සැකයක් !

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව බෞද්ධ කටයුතු...