ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නැමති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද ඉදිරිපත් කළ බව වාර්තා වේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කෙරුණ බව පැවසේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර ඇත්තේ, සැකකරු මේ මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එදින මෙම සැකකරු අන්තර්ජාල තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...