පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉල්ලා අස්වෙයි !

Date:

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, තමන් ලබන 27 වනදා සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමෙහි පළ කළ ප්‍රකාශිතයක් හේතුවෙන් තනතුරෙන් ඉවත් වන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ දැනුම් දීමකට අනුව තමන් ඉල්ලා අස්වන බව ඔහු සිය ලිපියෙහි සඳහන් කර ඇත.

නුවන් ධර්මරත්න මහතා පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් පත්වූයේ 2024 වසරේ විජිත හේරත් මහතා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...