පොදු ප්‍රවාහනයට අලුත් ඉලක්කයක් – බස් රථ 40කට AI තාක්ෂණය! (VIDEO)

Date:

කොළඹ LNW:පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක සේවයක් වෙනුවෙන් ඉදිරි මාස දෙකක පමණ කාලයක් ගතවන විට තෝරාගන්නා ලද පෞද්ගලික සහ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 40කට එම රියදුරන් නිසි අවධානයෙන් තබා ගැනීම වෙනුවෙන් AI තාක්ෂණික උපකරණ සවි කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ, ජාතික ගමනා ගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවෙනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

එම පළමු අදියරේ වැඩසටහනෙන් පසු සෙසු ඒවාටද එම තාක්ෂණය හදුන්වා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ප්‍රවාහන කර්මාන්තයට අදාළ ගැටලුවලට විසඳුම් දීමට නියමිත අතර කප්පම් සංස්කෘතියද අවසන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්තයක් ලෙසත් වෘත්තිමය ලෙස මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද බස් කර්මාන්තයේ දියුණුව ඇත්තේ පහළ මට්ටමක වන හෙයින් කර්මාන්තයක් ලෙස ඉදිරියට පැමිණ නැති බව අමාත්‍යවරයා සදහන් කරන ලදී.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත් හරහා ප්‍රශ්න රැසකට විසදුම් ලැබෙන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...