ගිනිගෙන දැවෙන ත්‍රාසජනක ජවනිකාවකට ගිනෙස් වාර්තා පොතට ගිය “ටොම් කෲස්”

Date:

සටහන – පුලී
ජූනි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 “Mission: Impossible” හි නවතම කොටස සඳහා කළ අද්විතීය ත්‍රාසජනක ප්‍රයෝගයක් සඳහා ටොම් කෲස් මේ දිනවල කාගේත් මාතෘකාවක් වී හමාරය.

ගිනස් ලෝක වාර්තා පොතට අනුව කෲස් දැන් “තනි පුද්ගලයෙකු විසින් වැඩිපුරම දැවෙන පැරෂුට් පැනීම” සඳහා නම් දරා තිබේ. මේ වනවුට ඔහුගේ පැනීම් ගණන 16 වතාවක් වූ බව සඳහන්.

“ටොම් ක්‍රියාදාම වීරයන් ලෙස රඟපාන්නේ නැත – ඔහු ක්‍රියාදාම වීරයෙකි!” ගිනස් ලෝක වාර්තා පොතෙහි ප්‍රධාන කර්තෘ ක්‍රේග් ග්ලෙන්ඩේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කෲස් ව ඉහටත් උඩින් තබමිනි.

ඔහුගේ සාර්ථකත්වයේ විශාල කොටසක් ලෙස, අව්‍යාජභාවය කෙරෙහි පවතින ඔහුගේ මනා අවධානය සහ මිනිසෙකු වූ පමණින් කළ හැකි දේවලට සීමාවන් දැමීම ඔහුගේ තියරියේ නොමැති වීම ප්‍රධාන වේ.

“මෙම නව ගිනස් ලෝක වාර්තා ශූරතාව සමඟ ඔහුගේ නිර්භීතකම හඳුනා ගැනීමට හැකිවීම ගෞරවයක්” බව ද ග්ලෙන්ඩේ තවදුරටත් පැවසීය.

1996 සිට කෲස් රංගනයෙන් දායක වූ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපටවල අටවන චිත්‍රපටය වන “මිෂන්: ඉම්පොසිබල් – ද ෆයිනල් රෙකනිං” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර කෲස් මෙම ගිනිගෙන දැවෙන පැරෂුටයෙන් පැනීම් සිදු කළේය.

චිත්‍රපටය පිටුපස ඇති චිත්‍රාගාරය වන පැරාමවුන්ට් පික්චර්ස් සඳහා නිල Youtube පිටුවට පළ කරන ලද වීඩියෝවක ඔහුගේ මෙම පෙර සූදානම පිළිබඳවද දාකගත හැකිවිය.

“මිෂන්: ඉම්පොසිබල්” තේමා ගීතය පසුබිමේ වාදනය වන විට, කෲස් තම දැවෙන පැරෂුටය සමඟ හෙලිකොප්ටරයෙන් අහසට කිමිදෙන ආකාරය වයිරල් ගිය වීඩියෝ ක්ලිප් එකේ දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...