මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අරක්කු කොම්පැනිවලින් සල්ලි ගන්නවා – ඇමති හඳුන්ගෙන් බරපතළ චෝදනාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ලබාගන්නා බවත් එතනෝල් ප්‍රශ්නය විසඳන්නට ඉඩ නොදෙන්නේ එම නිලධාරීන් විසින් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතනෝල් ලීටරය 1500 – 1700 ට තියෙනකොටත් අරක්කු බෝතලේ ගාණ වෙනස් වුණේ නෑ. අරක්කු කොම්පැනි විසින් එතනෝල් ලීටරය 1500 වෙනකොටත් අරක්කු බෝතලය දුන්නා 3500 – 4000 ට. දැන් 475 ට අඩුකරලා තියෙනකොටත් අරක්කු බෝතලේ ඒ ගාණමයි. එතනෝල් ලීටරයකින් හදන්න පුළුවන් අරක්කු බෝතල් තුනක්. නයින්ටි ස්ප්‍රිට් එකෙන් හදන්න පුළුවන් අරක්කු බෝතල් තුනක් සීයට හතළිහට තිස් පහට අඩුකරනකොට. ඔය 475 ට එතනෝල් ලීටරේ අරගෙන අරක්කු බෝතල් තුනක් හදන්න පුළුවන් නම් අරක්කු කොච්චර අඩුවට දෙන්න පුළුවන්ද ? ඒ දෙන්නෙත් 4000 ට ගල් අරක්කු බෝතලේ. අර චාමර සම්පත් මන්ත්‍රීතුමාගෙන් අහන්න විස්තරේ, එයා ඒ දවස්වල මේකට ෆයිට් කළා. එතකොට අපි කියන්නෙ 475 ට ගත්තත් අඩුකළේ නැතිනම් අරක්කු, ඒගොල්ලන්ට 800 වුණායි කියලා පාඩුවෙන්නෙ නෑ. ඩිස්ටිලරීස් කොම්පැනිවලට පාඩු වෙන්නෙත් නෑ, අරක්කු මිල වැඩිකරන්න ඕනෙත් නෑ. ඒ වගේම කසිප්පු, කරිඤ්ඤං දවසකට ලීටර් දෙලක්ෂයක් පරිහරණය කරනවා මේ රටේ. ඒක නතර කරන්න තමයි අපි නිතරම කිව්වේ ගල් ඔයට, ඇතිමලේ වගේ සීනි නිෂ්පාදනය කරන, මොලෑෂස් හදන ආයතනවලට බලපත්‍රය දෙන්න කියලා අඩුමිලට අරක්කු බෝතලයක් හදන්න.

එතනදී ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි, ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි, මං මේක පිළිබඳව ගරු ජනාධිපතිතුමාට වාර්තාවක් දෙනවා. මුදල් අමාත්‍යාංශයේ ඉන්නවා සමහර නිලධාරීන් දෙන්නෙක් තුන් දෙනෙක් – හැමෝම නෙවෙයි. මම හැමෝටම නිසි ගෞරවය සහිතව කියන්නෙ – දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා මේ අරක්කු කොම්පැනිවලින් සල්ලි ගන්න. ඒක මම හෙට අනිද්දාට හෙළිදරව් කරනවා. ඒගොල්ලො රටේ තියෙන මේක පාලනය කරන්න දෙන්නෙ නැත්තෙ මේ බිස්නස් කට්ටිය. ඕගොල්ලොන්ගෙ දේශපාලන චර්යාවන් අනුව ඉතිහාසයේ හැදිච්ච වැරදි තියෙනවානෙ, ඒ වැරදි ටිකක් අමාරුයි නිවැරදි කරන්න. මේක නිවැරදි කරන්නම ඕනෙ. මේක නිවැරදි නොකළොත් මේ කර්මාන්තයත් ඉවරයි, සීනි කර්මාන්තයත් ඉවරයි. මට තියෙන්නෙ දෙකෙන් එකයි, එක්කො ගොවියන්ට ගෙවන ප්‍රමාණය අඩුකරන්න ඕනෙ, නැත්නම් එතනෝල් මිල වැඩිකරන්න ඕනෙ. ගොවියන්ට ගෙවන ප්‍රමාණය අඩුකරන්න බෑ, සේවකයින්ට ගෙවන ප්‍රමාණය අඩුකරන්න බෑ. එහෙනම් වැඩි කරන්න තියෙන්නෙ එතනෝල් මිල. 475 ගාණ 800 කළා කියලා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නෑ, අරක්කු මිල වැඩිකරන්න ඕනෙත් නෑ”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජුනි 06) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලයන්ස් හයවන පිම්ම ඕමානයට

නිශ්මං රණසිංහ අගෝස්තු 05, කොළඹ LNW: ශ්‍රී ලයන්ස් කියන්නෙ ලංකාවෙන් පිට...

පේරු හි සිත් ගත් “Inca Kola”

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කොකා-කෝලා වඩාත්ම ජනප්‍රිය...

පොලිස් ඇමති දේශබන්දුට ගහපු ගැහිල්ල!

කොළඹ LNW:දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා...

කළු සුදු පින්තූරකරණයට වර්ණයක් ලබා දුන් 2025 AAP සඟරා සම්මාන උළෙලේ රහ තැන්!

සටහන – පුලී අගෝස්තු 05, කොළඹ (LNW): කළු සුදු ඡායාරූපකරණයේ...