*
Sunday, June 8, 2025
spot_img

Latest Posts

යෝධමය සිංහ සළකුණකට තායිවානයේ දී යෝධසිංහට ඉඩක්

නිශ්මං රණසිංහ ජුනි 08, කොළඹ LNW:

චමෝද් යෝධසිංහ තායිවානයේ පැවත්වෙන තායිවාන් විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 අවසාන තරගයට අද දිනයේ මුහුණ දෙනවා.ඒ තරගාවලියේ පළමු දිනය වූ ඊයේ පැවති මූලික තරගවලදී හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.චමෝද් පැවති මූලික තරග තුනෙන් පළමු මූලික තරගයේ ජයග්‍රාහකයා වෙමින් තත්පර 10.29 ක කාලයක් වාර්තා කරමින් ජය ගන්නට සමත් වුණා.


අවසාන තරගයේදී චමෝද්ගේ ආසන්නයෙන් සිටින කාලයන් වාර්තා කර ඇත්තේ ජපානයේ තාජු හොන්ගෝ (10.37) සහ ඔස්ට්‍රේලියාවේ අයෝඩේ (10.38) වන අතර මූලික තරගයකට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා අවසාන තරගයේදී ස්වභාවය මූලික තරගයක ප්‍රතිපල සමඟ සංසන්දනය කර සිතීම තාර්කික නොවුණත්,තරගයට උපකාර වන සුළඟේ වේගයක ආධාරයක් ද නැතුව (-0.2) යෝධසිංහ කළ ධාවනය පහසු නැහැ.ඒ නිසා ඔහුට මේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී පුවරුව උඩට ගොඩවෙන්නට ඇති ඉඩ විශාල එකක් වන අතර අපි ද ඔහුට සුබ පතන්නෙමු.!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan