යෝධමය සිංහ සළකුණකට තායිවානයේ දී යෝධසිංහට ඉඩක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 08, කොළඹ LNW:

චමෝද් යෝධසිංහ තායිවානයේ පැවත්වෙන තායිවාන් විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 අවසාන තරගයට අද දිනයේ මුහුණ දෙනවා.ඒ තරගාවලියේ පළමු දිනය වූ ඊයේ පැවති මූලික තරගවලදී හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.චමෝද් පැවති මූලික තරග තුනෙන් පළමු මූලික තරගයේ ජයග්‍රාහකයා වෙමින් තත්පර 10.29 ක කාලයක් වාර්තා කරමින් ජය ගන්නට සමත් වුණා.


අවසාන තරගයේදී චමෝද්ගේ ආසන්නයෙන් සිටින කාලයන් වාර්තා කර ඇත්තේ ජපානයේ තාජු හොන්ගෝ (10.37) සහ ඔස්ට්‍රේලියාවේ අයෝඩේ (10.38) වන අතර මූලික තරගයකට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා අවසාන තරගයේදී ස්වභාවය මූලික තරගයක ප්‍රතිපල සමඟ සංසන්දනය කර සිතීම තාර්කික නොවුණත්,තරගයට උපකාර වන සුළඟේ වේගයක ආධාරයක් ද නැතුව (-0.2) යෝධසිංහ කළ ධාවනය පහසු නැහැ.ඒ නිසා ඔහුට මේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී පුවරුව උඩට ගොඩවෙන්නට ඇති ඉඩ විශාල එකක් වන අතර අපි ද ඔහුට සුබ පතන්නෙමු.!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...