ජනාධිපති සමාව අවභාවිතය : අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා CID අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුනි 08) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ජනාධිපති සමාව අවභාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.

රුපියල් ලක්ෂ 20ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දුකොට මැයි 02 වනදා බන්ධනාගාරගත කළ සිරකරුවකු මැයි 12 වෙසක් පොහොය දිනයේ ජනාධිපති සමාව මත නිදහස් කර ඇතැයි මොනරා පුවත්පත අනාවරණය කිරීමෙන් අනතුරුව සමාජය තුළ ඇතිවූ ආන්දෝලනය හමුවේ ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුකෙරේ.

එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති සමාව අවභාවිතා කර ඇති බවත් එසේ අවභාවිතා කරමින් ඉහත කී සිරකරුවාට අමතරව තවත් සිරකරුවන් යම් ප්‍රමාණයක් ද නිදහස් කර ඇතැයි මූලික විමර්ශ්වනවලින් අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...