තුන්වන දිනටත් ලොස් ඇන්ජලිස්හි විරෝධතා ඇවිලේ; වාහන ගිනිබත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දනයට එරෙහිව තුන්වන දිනටත් ලොස් ඇන්ජලීස් හි විරෝධතා නැවතත් ඇවිළී ගොස් ඇති අතර, සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාකරුවන් වාහන ගිනිබත් කරමින් ආරක්ෂක අංශ සමඟ ගැටෙන බව වාර්තා වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යොදවා ඇති ජාතික ආරක්ෂක ඒකක භටයන් 2000ක් පමණ දෙනා නගරයේ විරෝධතාකරුවන් පසුපසට තල්ලු කිරීමට කඳුළු ගෑස්, රබර් උණ්ඩ භාවිතා කර ඇති අතර කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගැවින් නිව්සන් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදා යෙදවීම අවලංගු කරන ලෙස හා පාලනය තමන්ට භාර දෙන ලෙසයි.

කෙසේ නමුත්, මේ වන විට ෆෙඩරල් දේපළ සහ පිරිස් ආරක්ෂා කිරීම සඳහා ලොස් ඇන්ජලීස් හි විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් මැරීන් භටයින් 500ක් පමණ යෙදවීමට සුදානමින් සිටින බව එක්සත් ජනපද උතුරු අණදෙන නිලධාරියා නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...