ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!

0
568

ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින්, අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන 51 හැවිරිදි ෂරීන් අබු අක්ලේ ජීවිතක්ෂයට පත් වී ඇත.

ෂරීන් අබු අක්ලේ හමුදා වෙඩි ප්‍රහාරයකට බිලි වී ඇත්​තේ බටහිර ඉවුරේ ගැටුම් සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටිද්දීය.

වෙඩි තැබීමට ලක් වන අවස්ථාවේදී ඇය මාධ්‍යවේදීන් විසින් ඔවුන් වෙන් කර හඳුනා ගැනීමට පලඳින කබාය පැලඳ සිටි බව ද පැවැසෙයි. ෂරීන් අබු අක්ලේ ට අමතරව පලස්තීන මාධ්‍යවේදියකුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. රෝහල්ගත කළ ඔහුගේ තත්ත්වය බරපතල නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු යැයි එම සිද්ධිය තරයේ හෙලා දකිමින් ලෝක නායකයෝ ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධව ෂරීන් අබු වෙනුවෙන් යුක්තිය ඉල්ලා පලස්තීන වැසියන් අරගලයක නිරත්ව සිටින බවද වාර්තා වේ.

OUTBOUNDTODAY