කේරළය කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW :

ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එම මාධ්‍ය වාර්තා අනුව පසුගිය පැය 24 තුළ රෝගීන් එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන ඇති අතර කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළයද පත්ව ඇතැයි සඳහන් වේ.

නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප්‍රාන්තය ලෙස කේරළය පත්වද්දි මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප්‍රාන්තවල ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එමෙන්ම පසුගිය ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී ඇති අතර උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...