කේරළය කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW :

ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එම මාධ්‍ය වාර්තා අනුව පසුගිය පැය 24 තුළ රෝගීන් එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන ඇති අතර කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළයද පත්ව ඇතැයි සඳහන් වේ.

නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප්‍රාන්තය ලෙස කේරළය පත්වද්දි මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප්‍රාන්තවල ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එමෙන්ම පසුගිය ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී ඇති අතර උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...