ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW :

ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කර ඇති අතර, ඔවුන්ව එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එකම පවුලේ පුද්ගලයින් 05 දෙනෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට ළඟා වු එම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් තමන් මෙලෙස ඉන්දියාවට පළා ආ බව ඔවුන් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා ස්ථාපිත කර ඇති මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...