බැසිල්ට බැරි වුණ මැච් එක ගහන්නද රනිල් හදන්නේ කියන බය තමයි අපිට තියෙන්නේ – විමල් (VIDEO)

0
1056

පවතින බිය වන්නේ රනිල් වික්‍රමසිංහ විසින් සුක්කානම ගෙන සූදානම් වන්නේ බැසිල් රාජපක්ෂට බැරි වූ මැච් එක ගැසීමටද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ,අද (13) ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

තමන්ගේ අදහසට අනුව බැසිල් රාජපක්ෂ යනු සාටකේ දමන රනිල් වික්‍රමසිංහ වන අතර රනිල් වික්‍රමසිංහ යනු ටයි කෝට් අදින බැසිල් රාජපක්ෂ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම අභ්‍යන්තර සමපාත වීම හේතුවෙන් එහි කොටස්කරුවන් වීමට සූදානම් නැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් කුමනාකාරයෙන් හෝ පිහිටුවන ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට සූදානමක් නොමැති බවත් යහපත් දේ සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ හිඳිමින් සහය දෙන බවද ඔහු අවධාරණය කරන ලදී.

ASK