ආයෙ වැහෙන ආයෙ ඇරෙන අපේ අරුම පුදුම කඩදාසි කම්හල ….

Date:

පාඩු නිසා වසා දැමෙන නැවත හිටිගමන් විවෘතවී ලාබ ලබන ආයේ පාඩු නිසා වැසීයන ලෝකෙ අරුම පුදුම කඩදාසි කම්මල..

වාලච්චේනේ ඇත්තේ සිරිමා කාලේ යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත ආදි කාලේ කඩදාසි පැක්ටරියකි.. එයට වර්තමානය තුල පුත්ගලික අංශයේ කඩදාසි නිශ්පාදකයන් සමඟ හැරෙන්නවත් බැරිය..

මෙය වතාවක් වීරවංශ විසින්ද විවෘත කලේය..

ඒ සඳහා අමුද්‍රව්‍ය ලබාගත්තේ කොළඹ රජයේ කාර්‍යාලවල කඩදාසි අපද්‍රව්‍ය වලිනි.. ඒවා වාලච්චේනෙට රැගෙන ගියේද නැවත රැගෙන ආවේද ආන්ඩුවේ ලොරිවලිනි.. මේ සියල්ලේ වියඳම රජයේ ගිනුමෙනි..

මේවායෙන් ලැබෙන ලාබය වූකලී නිශ්පාදන පිරිවැය නැති අරුම පුදුම ලාබයකි..

දැන් ඒ අපබ්‍රංස කඩදාසි පැක්ටරිය නැවත විවෘත වී තිබේ.. ලාබද ලබයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා–තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ ඉදිරි බලාපොරොත්තු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා...

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...