බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අධිකරණයට!

Date:

කොළඹ LNW:වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ධන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද අත්අඩංගුවට ගැනුණු අතර අනුරාධපුර බන්ධනාගරයේ අධිකාරිවරයාද සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි. නඩුව අද කැඳවීමට නියමිතය.

ඔහුද අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපති පොදු සමාව යටතේ අනුමැතිය නොලද 57 දෙනෙකු 2024 වසරේ නත්තලටත් තවත් 11 දෙනෙකු 2025 නිදහස් දිනයටත් බන්ධනාගරවලින් මුදාහැර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කර තිබුණු අතර මේ වන විට එම බන්ධනාගාර ක්‍රියවලිය සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...