”එක මිටට ගොබි බිමට” සමගාමීව වගා නොකළ ඉඩම් අස්වැද්දීම ඇරඹේ!

Date:

කොළඹ LNW:“එක මිටට – ගොවි බිමට” ජාතික වගා වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම් තුළ වගා කටයුතු ආරම්භ කිරීම මීකණුව ජාතික දෙව්සත්හල් භූමි පරිශ්‍රයේදී අද (11) ආරම්භ විය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත කැටවල ලෙව්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය, අම්පිටිය උඩගම පුබුදු ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් සමාරම්භක වැඩසටහන දියත් කෙරිණි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී වගා නොකළ ඉඩම් අක්කර 2700ක් වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන 45ක් ආවරණය වන පරිදි වගා නොකළ ඉඩම් තුළ කෙසෙල්, බඩ ඉරිගු වැනි කෘෂිකාර්මික භෝග වගා කරන බව මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ඒ.ටී.රණසිංහ මහතා පැවසීය.

මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා සභාපති සිසිර සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී මී කණුව ජාතික දෙව්සත් හලේ අක්කර 04ක භූම ප්‍රමාණයක් තුළ බඩ ඉරිඟු වගා කිරීමේ කටයුතු දියත් කෙරිණි.

ඊට සමගාමීව කැටවල ලෙව්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන කලාපය තුළ අක්කර 80ක් ඉඩම් වගා කිරීමට ද කටයුතු යොදා තිබේ.

ඒ අනුව නව වගා කරුවන් සඳහා පොහොර ලබාදීම, පුවක් පැළ ලබා දීම හා ගොවිජන බැංකු මගින් වගා කටයුතු සඳහා ණය මුදල් ලබාදීම ද මෙම අවස්ථාවේදී සිදුවිය.

මීකණුව ජාතික දෙව්සත්හල් භාණ්ඩාගාරික ගරු ප්‍රදීප් සේවියර් පියතුමා, කැටවල ලෙව්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය ප්‍රාදේශීය නිලධාරී පී.ජී.වික්‍රමආරච්චි මහතා, අම්පිටිය උඩගම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය, උඩගම පුබුදු ගොවි සංවිධානයේ සභාපති ගාමිණී රංවල මහතා ඇතුලු නිලධාරීන් හා ගොවියන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...