නිමාලි ටෝකියොවෙන් පසු යළි සිහ ධජය යටතට

Date:

නිශ්මං රණසිංහ ජුනි 11, කොළඹ LNW:

ශ්‍රී ලංකාව බිහි කළ අපූරුතම මලල ක්‍රීඩිකාවක් වන නිමාලි ලියනාරච්ච් ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් පසුව යළිත් වරක් සිංහ ධජය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමකට එක් කර ඇත.මීටර් 400,මීටර් 400 කඩුලු,මීටර් 800,මීටර් 1500,මීටර් 3000 බාධක දිවීම,මීටර් 5000 මෙන්ම මාර්ග ධාවන තරගවලදී ද,රට හරහා දිවීමේ තරගවලදී ද ජාතික මට්ටමේ ජයග්‍රහණ අත් කර ගන්නට සමත් වි ඇති නිමාලි, මෙම ඉසව් ගණනාවකදීම ජාතික වාර්තාව අලුත් කරන්නද සමත් වූවාය. ඇය මෙවර ජාතික සූරතාවය සඳහා කැඳවා ඇත්තේ ජුනි 22 වන දින සිට පැවැත්වෙන තායිලන්ත විවෘත ශූරතාවලිය සඳහා මීටර් 800 ඉසව්ව නියෝජනය කිරීම සඳහා ය.


මෙම තරගාවලියට එකතු වන ලාබාලතම ක්‍රීඩකයා වන්නේ අයෝමාල් අකලංක ය.කණිෂ්ඨ සහ යොවුන් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තරයේ අවධානයට පත් සහ ජාත්‍යන්තර ජය ගත් ක්‍රීඩකයෙකු වන අයෝමාල් 19 හැවිරිදි වන අතර ගතවන මොහොතේ මීටර් 400 කඩුලු තරගයේ දේශිය පිටියේ දකින්නට ලැබෙන සුවිශේෂිම ක්‍රීඩකයා ය.මේ තරගාවලියට නම් කර ඇති අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ ද අයෝමාල් ගේ පුහුණුකරු අනුර බණ්ඩාර වන බැවින් එය ද යොවුන් ක්‍රීඩකයාට විශාල ශක්තියක්ය.
පහතින් දක්වෙන්නේ තරගාවලියට සහභගි වන අට දෙනෙකුගෙන් කණ්ඩායමට අයත් යුත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.

  • නිමාලි ලියනාරච්චි (මීටර් 800)
  • අමාෂා ද සිල්වා (මීටර් 100)
  • එච්.ඩබ්ලිව්.කේ. හපුආරච්චි (මීටර් 100 කඩුලු මතින් දිවීම)
  • මධුෂානි හේරත් (තුන් පිම්ම සහ දුර පැනීම)
    පිරිමි
  • සෆ්රි අහමඩ් (තුන් පිම්ම)
  • රුසිරු චතුරංග (මීටර් 800)
  • අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු පැනීම)
  • වික්නරාජ වක්ෂන් (මීටර් 1500 සහ මීටර් 5000)
    මෙම කණ්ඩායමේ කළමණාකරු ලෙස ආර් හෙන්නායක නම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...