දිලීප රටින් පැනගොස් ඇතැයි කී තිලකරත්න අනුරාධපුර උසාවියෙන් මතුවෙයි. ආපසු යන්නත් යයි !

Date:

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කළ බව කියන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනීම සඳහා සොයන බව කියූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැත්තා ඊයේ (11) වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

එමෙන්ම ඔහු එම නඩුව අවසන් වූ පසු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පවතින නඩුව දැකබලා ගැනීම සඳහා විවෘත අධිකරණ ශාලාවට ද පැමිණ ඇත.

ජනාධිපති සමාව අවභාවිතා කිරීමට අදාළව ඊයේ දිනයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා තිබුණේ “ඇත්තටම ස්වාමිනි ඊයේ දින අපි කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණ පරිදි, මෙදින අනීතිකව සමාව ලැබී තිබෙන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොවේ. ජනාධිපති සමාව අනුමත නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු හොරට මුදාහැර තිබෙනවා. දැනට තොරතුරු ලැබී ඇති පරිදි ප්‍රශ්නගත සිද්ධියට හේතු වූ අතුල තිලකරත්න රටින් පළාගොස් ඇති බවට සැකකෙරෙනවා. අනිත් පුද්ගලයන් කව්ද කියලා තවම සොයාගන්නත් බැහැ. ස්වාමිනි ආයතනයේ ප්‍රධානියා ලෙස සියලු බන්ධනාගාරවල රැඳවියන්ට ලබාදෙන සමාවන් මේ සැකකරුට සන්නිවේදනය වෙනවා. ඒ නිසා ඔහුට මම දන්නේ නැහැ කියන්න බැහැ. මොහු මේ ක්‍රියාවලියට වංක සහයෝගීතාවයක් දක්වලා තියෙනවා” යනුවෙනි.

කෙසේවෙතත් ඊයේ දිනයේදීම මෙම සිද්ධියටම අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතීඥ අරවින්ද හබක්කල පැවසුවේ තම සේවාදායකයා විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවයි. එය වඩාත් තහවුරු වන්නේ අතුල තිලකරත්න යන අය මෙම අධිකරණයේ ද පෙනී සිටින නිසා බවත් නීතීඥවරයා පැවසූ අතර එම අවස්ථාවේදී අතුල තිලකරත්න යන විවෘත අධිකරණ ශාලාවේ සිටිමින් අත ඔසවා තමන් අධිකරණය හමුවේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

නඩුව අවසන් වූ පසුව අතුල තිලකරත්න නමැත්තා තම මිතුරන් පිරිසක් සමග අධිකරණ භූමියේ කතාබහ කරමින් සිට, තමන්ව අත් අඩංගුවට ගැනීමට සොයන බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අසලින්ම අධිකරණ භූමියෙන් පිටව ගොස් ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...