රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලට බැතිමතුන්ගේ පඬුරු මුදලින් ඉදිකළ කතරගම ප්‍රාදේශීය රෝහලේ නවීන වාට්ටු සංකීර්ණය ජනසතු කළ වගයි!

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලට බැතිමතුන් ලබා දෙන පඬුරු මුදලින් කතරගම දෙවිඳුන්ට පින් අනුමෝදන් වීම පිණිස විවිධ සමාජ සත්කාර සිදු කරනු ලබයි.

කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට සහ කතරගම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර ගැනීමට තිබෙන කතරගම ප්‍රාදේශීය රෝහල කලක පටන් අබලන් තත්ත්වයක පැවති අතර මහරගම අපේක්ෂා රෝහලේ අංග සම්පූර්ණ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදිකිරීමෙන් අනතුරුව කතරගම ප්‍රාදේශීය රෝහලේ ද නව වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම් කටයුතු කතරගම දේවාලයේ මූලිකත්වයෙන් පසුගිය වර්ෂයේ මැයි මස ආරම්භ විය.

රුපියල් මිලියන 33 වියදමකින් ඉදිකළ මෙම නව වාට්ටු සංකීර්ණය ,ඇඳන් හතළිස් හතකින් සමන්විත වන අතර නවීන වාට්ටුවක ඇති සියලු පහසුකම් ඇතිව ඉදිකල මෙම වාට්ටු සංකීර්ණය අද ( 12) දින රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අභිනවාරාමාධිපති පුජ්‍ය කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ, වැඩසිටිකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඥාණානන්ද නාහිමිපාණන් වහන්සේ, මහසෙන් රජමහා විහාරාධිපති පූජ්‍ය පඩව්ගම ජිනානන්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයේ අනුශාසනා මැද ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ඇතුළු මොණරාගල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය , බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රෝහල් කර්‍ය මණ්ඩලය,ප්‍රදේශවාසීන්ගේ ප්‍රධානත්වයෙන් ජනසතු කල වගයි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...