ආණ්ඩුවේ ලොක්කන් එක්ව රට මිනී පෙට්ටියට දමා අවසන් ඇණ ටික ගසමින් ඉන්නේ – සජිත් (VIDEO)

Date:

ආණ්ඩුවේ ලොකු ලොක්කන් එක්ව මුළු රටම මිනී පෙට්ටියට දමා ඇති බවත්, දැන් ඔවුන් අවසන් ඇණ ටික ගසමින් සිටින බවත් කබ්බ්‍රාල් රටත්, ආර්ථිකයත් සුසාන භූමිය කරා රැගෙන යන්නට පාර කපන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ යමක් ඉතිරිව ඇත්නම් ඒ ටිකක් විකුණා දමන්නට මොල හතානෝ කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

“අද වනවිට ආශ්චර්යයි සෞභාග්‍යයයි දෝර ගලනවා. ලිපට දාන දර ටික සුපර්මාකට්වල විකුනනවා. ගෑස් ටික පිපිරෙනවා. දියර පොහොර කෑන් පුපුරනවා. ගහන ගැසට් රිවස් කරනවා, දිවා රෑ නොබලා සල්ලි අච්චු ගහනවා. රට ගොඩ නැගීමෙන් අසමත් ආණ්ඩුව රට ෆේල් කිරීමෙන් පමණක් සමත් වී ඇතැයි” ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා දිනයේදී (31) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” සමගින් තිස්සමහාරාම නගරයේ ජනතාව හමුවට යමිනි.

නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...