වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...

”එකමුතු බවේ දෝංකාරය” සමාප්තිය සනිටුහන් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම...

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...