කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

Date:

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා ඉඳන් පුරුදු දෙයක් වන හෙයින් ඩීල් දේශපාලනය අවසන් කිරීමට පැමිණි ජේවීපී එක NPP නමින් හොඳට ඩීල් දමන ආකාරය පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පවතින මැතිවරණ ක්‍රමයට අනුව ඩිල් දැමීමට අවස්ථාව ලැබී ඇති හෙයින් ඔවුන් එය සිදුකරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කොළඹ මහ නගර සභාවට අදාළවද රහස් ජන්දය තැබීම සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය ද සජීවීවම දැක ගැනීමට හැකි වූ බවද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දිනවල පිහිටුවපු සභාවල එවැනි තත්ත්වයන් දැකගැනීමට නොහැකි වූ නමුත් කොළඹ මහ නගර සභාවේ සජීව විකාශයක් ගිය හෙයින් එහිදී නිලධාරීන්ගේ හැසිරීමේ වෙනසක් දැකගැනීමට හැකි වූ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

නිලධාරීන්ගේ එම හැසිරීමේ වෙනසත් ඩීල් එකේ කොටසක්ද යන්න ප්‍රශ්නය පවතින බව රාජපක්ෂ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...