කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

Date:

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා ඉඳන් පුරුදු දෙයක් වන හෙයින් ඩීල් දේශපාලනය අවසන් කිරීමට පැමිණි ජේවීපී එක NPP නමින් හොඳට ඩීල් දමන ආකාරය පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පවතින මැතිවරණ ක්‍රමයට අනුව ඩිල් දැමීමට අවස්ථාව ලැබී ඇති හෙයින් ඔවුන් එය සිදුකරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කොළඹ මහ නගර සභාවට අදාළවද රහස් ජන්දය තැබීම සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය ද සජීවීවම දැක ගැනීමට හැකි වූ බවද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය දිනවල පිහිටුවපු සභාවල එවැනි තත්ත්වයන් දැකගැනීමට නොහැකි වූ නමුත් කොළඹ මහ නගර සභාවේ සජීව විකාශයක් ගිය හෙයින් එහිදී නිලධාරීන්ගේ හැසිරීමේ වෙනසක් දැකගැනීමට හැකි වූ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

නිලධාරීන්ගේ එම හැසිරීමේ වෙනසත් ඩීල් එකේ කොටසක්ද යන්න ප්‍රශ්නය පවතින බව රාජපක්ෂ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය...

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : 2025 අ.පො.ස. උසස්...

යළිත් කඩා වැටුණු කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් ප්‍රතිකාර අරඹයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: කණ්ඩලම ජලාශයේ මාස හතරකට...