කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

Date:

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

බස්නාහිර පළාත් කොමසාරිස් රසංගිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාව රැස්වූ අතර එහිදී සභාපතිවරයා පත්කරගැනීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සභාපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් රහස් ජන්දයක් සහ විවෘත ජන්දයක් යන යෝජනා දෙකම එහිදී ඉදිරිපත් වූ අතර එම තත්ත්වය මත සභාව තුළ කලබලකාරී තත්ත්වයක් මතුව තිබුණි.

කෙසේවෙතත් එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු 09 දෙනෙකු සභාවෙන් පිටව ගිය අතර සමඟි ජන බලවේගයේ වැඩිම මනාප ලබාගෙන තිබුණු සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කළේය.

ඒ අනුව පැවති රහස් ජන්දයෙන් ජන්ද 10ක් හිමිකරගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමිවිය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව නගර සභාවේ ආසන 9ක් මාලිමාවට හිමිව තිබූ අතර විපක්ෂයට ආසන 10ක් හිමිව තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...