කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

Date:

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

බස්නාහිර පළාත් කොමසාරිස් රසංගිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාව රැස්වූ අතර එහිදී සභාපතිවරයා පත්කරගැනීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සභාපතිවරයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් රහස් ජන්දයක් සහ විවෘත ජන්දයක් යන යෝජනා දෙකම එහිදී ඉදිරිපත් වූ අතර එම තත්ත්වය මත සභාව තුළ කලබලකාරී තත්ත්වයක් මතුව තිබුණි.

කෙසේවෙතත් එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු 09 දෙනෙකු සභාවෙන් පිටව ගිය අතර සමඟි ජන බලවේගයේ වැඩිම මනාප ලබාගෙන තිබුණු සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කළේය.

ඒ අනුව පැවති රහස් ජන්දයෙන් ජන්ද 10ක් හිමිකරගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමිවිය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව නගර සභාවේ ආසන 9ක් මාලිමාවට හිමිව තිබූ අතර විපක්ෂයට ආසන 10ක් හිමිව තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...

මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...