කොච්චර කයිවාරු ගැහුවත් වැඩක් නැහැ.සජිත් කියන්නේ පරාජයේ පියා – රාමලිංගම් චන්ද්‍රසේකරන් (VIDEO)

Date:

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට පරාජයේ ප්‍රතිමූර්තියක් බවට පත්ව තිබෙන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි.

ජනාධිපතිවරණය, මහමැතිවරණය හා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන බවට පැවසුවද මැතිවරණ තුනෙන්ම ඔවුන් පරාද වී ඇති බවයි ඇමතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් පසුගිය සති දෙකක වැනි කාලයක් කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමට හෝ උත්සහ කළද එයද පරාජය වූ බව අමාත්‍යවරයා කියාසිටියේය.

ඒ අනුව මෙරට මැතිවරණ ඉතිහාසයේ පරාජයේ පියා හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත්ව සිටින බවයි චන්ද්‍රසේකරන් මහතා පැවසුවේ.

‘ජනතාව විසින් ඔහුව කුණු කූඩයට දමල තියෙන්නේ. අලුත් නායකත්වයක් ඕනේ කියල සජිත්ගේ පිලෙන්ම දැන් හඩක් නැගෙන බව පේන්න තියෙනවා. අපිව නතර කරන්න කොච්චර උත්සහ කළත් අපි ඉදිරියට යන එක ඔවුන්ට නතර කරන්න බැහැ.අපි ජනතාව වෙනුවෙන් මේ රජය පිහිටුවල තියෙන්නේ. අපි වැඩකරන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා දවසින් දවස ජනතාව අපිත් එක්ක බලවත් ලෙස එකතු වෙන එක වළක්වන්න බැහැ.;; යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF වෙතින් ලංකාවට සහාය දීම ඇරඔුණු හැටි එළිවේ…!

අශෝක ජයතුංග අගෝස්තු 07 වොෂින්ටන් LNW : IMF හා ලංකාව මෙවර...

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකවීමට කැමතිනම් ඉඩක්…

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වීමට...

විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු...

ට්‍රම්ප්, ඉන්දියාවට පනවන ලද තීරුබදු ප්‍රමාණය 50% දක්වා ඉහල දමයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...