බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

Date:

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සහ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය ස්ථාපිත කිරීමට සමඟි ජන බලවේගයට හැකිව තිබේ.

අද (19) දින සභාවල සභාපති තෝරාපත් කරගැනීමේ ජන්ද විමසීම් වලදී එම ජයග්‍රහණයන් තහවුරු කරගත් බවයි සමඟි ජන බලවේගය නිවේදනය කරන්නේ.

ඒ අනුව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කමල් විශ්වනාත් මහතා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව ඇත.

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රාජනායක මහතා සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...