නිපුනි වාසනා පෙරට

Date:

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW:

වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17 න් පහළ සහ 23 න් පහළ ආසියානු මල්ලව පොර සූරතාවලියේ දී නිපුනි වාසනා කසකස්තාන ක්‍රීඩිකා මරාල් ටන්ගිර්බර්ගෙනොවාට එරෙහිව සිය පළමු තරගය ජය ගනු ලැබුවා.කිලෝ ග්‍රෑම් 50 බර පංතියේ යටතෙ තරග වැදුණු නිපුනි සිය නිපුනතාවය කදිමට ප්‍රකට කරමින් ලකුණු 4-0 ක් ලෙස ජය ගනු ලැබුවා.නිපුනිට වඩා විශාල ශරීරයකට හිමිකම් කී කසකස්තාන ක්‍රීඩිකාව සිය හැකියාවෙන් තම පාලනයට යටත් කර ගන්නට නිපුනි සමත් වුණා.


නිපුනි මුහුණ දුන් ඊ ළඟ තරගයේදී දී ඇයට වඩා අත්දැකීම් ඇති මොංගෝලියානු ක්‍රීඩිකා මුන්ක්ජෙරල් මුන්ඛබාට් ට එරෙහිව දැඩි සටනක නිවැලෙමින් පරාජය ලැබුවේ ලකුණු 5-4 ක් ලෙසයි.මේ අනුව නිපුනි රන්,රිදී සහ ලෝකඩ පදක්කම් තීරණය කරන සටන්වලට පෙර පදක්කමක් සඳහා උථ්සාහ ගැනීමට අහැකි අවස්ථාවකට එළැඹ තිබෙනවා.ඇය ඒ සඳහා ඉන්දියාවේ ප්‍රියන්සි ප්‍රජාපත් පරාජය කළ යුතුව තිබෙනවා.
සෙසු ක්‍රීඩිකාවන්ට වඩා අඩු අත්දැකීම් සමඟ නිපුනි මේ දක්වන දක්ෂතා ඉහළ මට්ටමක පවතිනවා.එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් චමෝද්‍ය කේෂානි ද,කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් සුපිරි ක්‍රීඩිකා නෙත්මි අහිංසාද තරග වැදීමට සූදානමින් සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...