ආණ්ඩුවත් දැන් බලය වෙනුවෙන් ඕන කුණු ගොඩක් කරගහනවා – මාලිමාව සපෝට් එක ගත්තු රිෂාඩ්ගේ මන්ත්‍රී ගැන නලින් සභාවේ දිග අරියි (VIDEO)

Date:

කොළඹ LNW: බලය වෙනුවෙන් ආණ්ඩුව ඕනෑම කුණු ගොඩකට කරගහන තත්ත්වයට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කුරුණෑගල මහ නගර සභාව පිහිටුවීමේදී මාලිමාව සහය ගෙන තිබෙන රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයාගේ පෙර ක්‍රියාකලාපයන් ගැන කරුණු දක්වමිනි.

කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඔහු සිය බිරිඳගේ නමට කඩ කාමර දෙකක් ලබාගෙන ඇති අතර ඒ ගැන ආණ්ඩුකාරවරයාට ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයෙන්ද එය අනාවරණය වී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ගොඩනැගිලි අත්පත්කරගැනීම, ව්‍යාජ ලියකියවිලි සකස් කර රජයේ ඉඩම් විකිණීම ඇතුළු චෝදනා ගණනාවක් අදාළ නාගරික මන්ත්‍රීවරයාට එල්ල වී තිබෙන අතර ඔහුව නියෝජ්‍ය නගරාධිපති කිරීමට යෝජනා කළේද මාලිමාවේ නගරාධිපති බව නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

විපක්ෂය එකතු වී සභාවක් පිහිටුවන විට නයි මුගටි කියා චෝදනා කරන ආණ්ඩුව හොරුත් සමඟ එකතු වී සභා පිහිටුවා ඇති බවයි මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...