ස්වභාව ධර්මය කැළඹිලා ද? ඉරානයට රිච්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක්!

සටහන – පුලී
ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සිකුරාදා(ඊයේ) සවස ඉරානයේ උතුරු-මැද පළාතක් වන සෙම්නාන්හි රිච්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක් ඇති වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ජූනි 20 වන සිකුරාදා රාත්‍රී 21.19 ට (දේශීය වේලාවෙන්) සෙම්නාන් පළාතේ දිස්ත්‍රික්කයක් වන සෝර්කේ අවට ප්‍රදේශය රික්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක් ඇති විය,” ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) වාර්තා කර තිබුණි.

භූමිකම්පාව සෝර්කේ සිට කිලෝමීටර් 17 (සැතපුම් 10.6) ක් සහ සෙම්නාන් නගරයේ සිට කිලෝමීටර් 36 (සැතපුම් 22.4) ක් දුරින් සිදු වූ බව වැඩිදුරටත් පැවසීය.

භූමිකම්පාවෙන් සිදුවිය හැකි හානි පිළිබඳ වාර්තා තවමත් නිකුත් කර නොමැති අතර ඉරානය භූ කම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති අතර මෑත වසරවලදී භූමිකම්පා රැසකට ද මුහුණ දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...