ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

Date:

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW :

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

ඒ , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න විසින් EVD  සහ VP shunt උපකරණ තමන් සම්බන්ධ ආයතනයකින් අතිවිශාල මුදලකට රෝගීන්ට අලෙවි කර රුපියල් කෝටි ගණනක අලාභ සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට පවත්වමින් සිටින විමර්ශනයකට අනුවය.

එලෙස ඇය විසින් ශල්‍යකර්ම සිදු කළ 300ක පමණ පිරිසක් සිටින බැව් කියැවෙන අතර ඉන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ 77 දෙනෙකුගෙන් පමණක් බව වාර්තා වේ.

ඒ අනුව, විශේෂඥ වෛද්‍ය මහේෂී එස්. විජේරත්නගෙන් ශල්‍යකර්මවලදී එලෙස අගතියට පත් තවත් රෝගීන් වෙත් නම් අදාළ තොරතුරු ලබා දෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ක්ෂණික ඇමතුම් – 1954
විද්‍යුත් ලිපිනය – [email protected]

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...