අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපයි. සේවකයින් සහ වාහනත් අඩු කෙරේ

Date:

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම වෙනත් රජයේ ආයතනවලින් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු මුල් ආයතන වෙත ආපසු යැවීමටත් වෙනත් ආයතනවලින් ලබාගෙන තිබුණු වාහන 16ක් ආපසු භාරදීමටත් කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව කුඩා කාර්ය මණ්ඩලයක් සහ සීමිත සම්පත් භාවිතයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරමින් වියදම් කපා හැරීමට රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති අතර මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ වියදම් අඩු කිරීමට පියවර ගතයුතු බවත් ඒ සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලන බවත් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, මාර්තු මාසයේදී රුපියල් මිලියන 126කුත් වශයෙන් වියදම් කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...