එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට රටින් පිටවීම තහනම්!

0
780

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් හට විදෙස් ගමන් තහනමක් පැනවීමට එම රාජ්‍යය කටයුතු කර ඇති බවට වාර්තා වේ.

මෙලෙස ගමන් තහනමක් පැනවීමට කටයුතු කරනු ඇති බවට ඊයේ (01) දින එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

ඒ අනුව, එළඹෙන ජනවාරි 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් ලබා නොගත් සියලු එමීර් පුරවැසියන් හට රටින් පිටවීම තහනම් වනු ඇත.

කලාපය තුළ වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here