ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW :

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ, අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙසයි.

මැදපෙරදිග ඇති වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඛනිජ තෙල් මිල වැඩිවීමේ අවදානමක් පවතින බව එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ, ඉදිරි මාස කිහිපය සඳහා මේ වන විටත් රජය ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

රජයේ උපදෙස් පරිදි වාහනවලට පමණක් ඉන්ධන පිරවීමේ කටයුතු සිදුකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල්වට දැනුම්දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...