කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලී
ජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 යුක්‍රේන කියෙව් කලාපයේ සිදු වූ රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

සමාජ මාධ්‍යවල සටහනක් තබමින් ඉහෝර් ක්ලිමෙන්කෝ පැවසුවේ මෙම ප්‍රහාරයෙන් නේවාසික ප්‍රදේශ, රෝහල් සහ ක්‍රීඩා යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති බවයි.

මියගිය අයගෙන් හය දෙනෙකු පමණ උස් ගොඩනැගිල්ලක සිටි බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ පැවසූ අතර එහි තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

යුක්රේනයට එක්සත් රාජධානියේ මිලිටරි සහාය ලබා දීම සම්බන්ධයෙන් අගමැති කීර් ස්ටාර්මර් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සූදානම් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...