තෙල් නැති නිසා උපදෙස් ඔන්ලයින්

Date:

රටේ පවතින ඉන්ධන අර්බූදය නිසා ඉන්ධන පිරිමැසිම සඳහා මෙවර විභාග නිරීක්ෂින කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීම ZOOM ඔස්සේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු න බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.ඒ සම්බන්ධයෙන් පැන නඟින ගැටළු විභාගය ආරම්භ වන මැයි 23 වන දින විභාගය ආරම්භ කිරීමට පෙර දැණුම් දෙන ලෙස ද විභාග කටයුතු සිදු කරන ගුරුවරුන්ට දන්වා තිබේ.

අද (මැයි 20) පාසල් පැවත්වීමට යෝජිතව තිබුණත් ඊයේ හදිසියේ පාසල් නිවාඩු දීමට ගත් තීරණය නිසා විභාග ශාලා ආදිය සැකසීමේ රාජකාරිවලට නියමිත ගුරුවරු සහභාගි නොවනු ඇතැයි යන්න සළකා එම ගුරුවරුන්ට සහභාගිවන ලෙස දන්වන්නට නිකුත් කළ පොදු මාධ්‍ය නිවේදනයෙන් ඉහත කරුණු අනාවරණය කරන්නට විභාග කොමසාරිස්වරයා කටයුතු කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට සහභාගි වන සිසුන් මේ මොහොතේ රටේ පවතින තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතාවයකට සහ අවදානමකට මුහුණ පා තිබියදී ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණ ගැනීමට අධ්‍යාපන ඇමතිවරයෙකුගේ අඩුව පැවති අතර ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් සුසිල් ප්‍රේමජයන්ත අද දිනයේම අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ භාර ගැනිමට කටයුතු කළේය.

මේ සමග දැක්වෙන්නේ විභාග කොමසාරිස්වරයා විභාග රාජකාරි කරන ගුරුවරුන් සඳහා රජය ලබා දුන් නිවාඩුව බල නොපාන බැවින් විභාග රාජකාරිවලට සහභාගිවන ලෙසත් නිරීක්ෂණ කටයුතු මාර්ගගත ක්‍රමයට ZOOM ඔස්සේ පැවත්වෙන් බවත් දන්වමින් නිකුත් කරන ලද නිල මාධ්‍ය නිවේදනය ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...