අනුමැතියක් නැතුව පිටි මිල කොහොමද මෙහෙම වැඩි වෙන්නේ.ජනතා බදු මුදලින් පඩි ගන්න පාරිභෝගික අධිකාරිය බුදිද? (VIDEO)

Date:

පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව මෙලෙස සමාගම් විසින් තිරිඟු පිටි මිල වැඩි කරන්නේ කෙසේද යන්න ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

තිරිඟු පිටි මිල යළිත් වරක් ඉහළ යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදු වීමෙන් ආපනශාලා කර්මාන්තය මුහුණ දී තිබෙන දැඩි අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පාරිභෝගික කටයුතු සම්බන්ධයෙන් පත්කර තිබෙන නව ඇමතිවරයාට තමන් පවසන්නේ ජනතාවට තුන්වේල කෑමට හැකි තත්ත්වයක් ඇති කරන ලෙස යැයිද අසේල සම්පත් මහතා අවධාරණය කරයි.

මේ අතර තවදුරටත් ලාෆ් ගෑස් වෙළෙඳපොල තුළ නොමැති තත්ත්වයක ඔවුන්ව කෝප් කමිටුව හමුවට නොකැදවන්නේ අගමැතිවරයා සහ ලාෆ් ගෑස් හිමිකරු වන වෑගපිටිය අතර පවතින ඩීල් එකක් හේතුවෙන්ද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙතම තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ විරෝධී සම්මුතියට අත්සන් තබයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය සතියේ වියට්නාමයේ...

යෝධ කුකුළෙක් මෙන්ම වෝල්නට්ස් තලන වැඩිහිටියෙක් දක්වා; අද්විතීය වීදි කලාවට තවත් නිර්මාණ පොකුරක්!

සටහන – පුලී නොවැම්බර් 03, කොළඹ (LNW): කොන්ක්‍රීට් මංතීරුවක සිටින...

ශ්‍රී ලංකාව Beautyworld Middle East 2025 තරඟාවලියට..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : 2025 ඔක්තෝබර් 27...