දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

Date:

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක් අද (27) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපතිවරයා අලූතින් පත්වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මෙම හමුවේදී සුබ පැතුම් එක්කර තිබුණු අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නව පාලනය වංචාවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනරජය තුළ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී අදහස පළකරනු ලැබීය.

ඉදිරියේදී ශ්‍රී ලංකා ආණ්ඩුව දකුණු අප්‍රිකාව සමග ආර්ථික, දේශපාලන හා රාජ්‍යතාන්ත‍්‍රික සමීප සබඳතා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙම හමුවේදී එකඟ විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක Maxwell Bÿwaí මහතා, ඇතුළු පිරිසක් සහභාගි විය. ජාතික ජන බලවේගය වෙනුවෙන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන අය සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...