අපට බලය පිහිටුවන්න විපක්ෂයේ කවුරු හෝ සහාය දෙනවා නම් අපට ඒක ප්‍රතික්ෂේප කරන්න වුවමනාවක් නෑ – ඇමති සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා එල්ල කරන්නේ ඔවුන්ට එකතුවී එම ආයතනවල බලය පිහිටුවා ගැනීමට නොහැකි වීම නිසා බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“විපක්ෂයේ කණ්ඩායම් නන් දොඩවන්න පටන් අරන් තියෙන්නෙ ලැබිච්ච අර අඬුබඬු ටික එකතු කරලා, රොඩුබොඩු ටික එකතු කරලා, එකතුවෙලා බලය පිහිටුවන්න ගියා, ඒවාත් බැරිවෙලා තියෙන්නෙ. අන්න එතකොට ඉතින් අඳෝනා නගනකොට ඉතින් අපි ගාව බෙහෙත් නෑ. කොහොම නමුත් මන්ත්‍රීවරු හැටියට ඇවිල්ලා අපි බලය පිහිටුවනකොට යම් කෙනෙක් සහාය දෙනවා නම් අපිට ඒක ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවයක් නෑ”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...