ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

Date:

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් නැවතත් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ නිර්දේශයට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

දක්ෂ රහස් පරීක්ෂකයකු වශයෙන් ප්‍රකට ශානි අබේසේකර පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර, අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

එම වැඩ තහනමේ කාල සීමාව තුළම ඔහුගේ විශ්‍රාම වයස සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම ගිය ඔහු ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානියකු වශයෙන් මැතිවරණ කටයුතුවලට දායක වූ අතර ජාජබ රජය බලයට පැමිණීමෙන් අනතුරුව ඔහුව මුලින් කොන්ත්‍රාත් පදනම යටතේ පොලිස් සේවයටත් පසුව සක්‍රීය පොලිස් සේවයටත් එක් කරගැනීමට කටයුතු කෙරිණි.

ශානි අබේසේකර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...