හෙට නයීම්ගෙන් තොර බංගලාදේශයක්

Date:

බංගලාදේශ සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රි ලංකාවට දැඩි හිසරදයක් වූ බංගලාදේශයේ නයීම් හසන් ක්‍රිඩා නොකරන බව වාර්තා වෙනවා.ඒ ඔහුගේ ඇඟිල්ලක ඇති වි තිබෙන ආබාධයක් නිසයි.

තවමත් 22 හැවිරිදි නයීම් ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරග 8 ක ඉණිම 14 ක් පමණයි.ඒ ඉණිම 14 තුළ ඔහු දවා ගෙන තිබෙන කඩුලු ප්‍රමාණය 31 ක්.ඉණිම තුනකදීම ඔහු කඩුලු 5 ඉන්මවා ගබා තිබෙනවා.තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 152 ට කඩුලු 9 ක් ලබා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි .ඉණිමක හොඳම පන්දු යැවීම තමයි ඔහු ශ්‍රී ලංකායට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී වාර්තා කළේ.ඒ ලකුණු 105 ට කඩුලු 6ක් ලබා ගනිමින්.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

ඒ නිසා ටෙස්ට් තරග වැඩි ප්‍රමාණයකට දායක නොවුණත් බංගලාදේශය වෙනුවෙන් ඔහුට අවස්ථාව ලැබුණ ටෙස්ට් තරගවල දස්කම් දැක් වූ නයීම් මේ වන විට ශ්‍රී ලංකාවේ අවධානය යොමු නොවුණු රංගන හේරත් සමඟ දඟ පන්දු යන්නෙක් ලෙස ප්‍රගතිය ලබමින් සිටිනවා.මේ වසරේ ටෙස්ට් පිටියට කැඳවීම ලද පළමු ටෙස්ට් තරඟයේදී නායීම් ශ්‍රී ලංකා පළමු ඉණිමට එල්ල කළ පීඩනයත් සමඟ දෙවන ඉණිමේදී බංගලාදේශයට ජයග්‍රහණයටත් අවස්ථාවක් උදා වුණා.

නමුක් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් සිය අත්දැකීම් පාවිච්චියට ගනිමින් කඩුලුලේ රැදී සිටීමත්,ඒ වගේම කුසල් මෙණ්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ආරක්ෂාව වෙනුවට පීඩනයට එරෙහිව පීඩනය යන සංකල්පයේ සිට එල්ල කළ ප්‍රහාරයත් නිසා ශ්‍රි ලංකාවට පරාජයෙන් බේරීමේ ගෞරවය හිමි වුණා.එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවෙන් විශාලම බලපෑම එල්ල කරමින් නිවැරදි රිද්මයට පැමිණ සිටි නයීම් හසන් දෙවන ටෙස්ට් තරගයේදී දකින්නට නොලැබීම ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක් වුවත් බංගලාදේශයේ දඟ පන්දු බල ඇනිය මෑත කාලයේ දක්වන දක්ෂතා අනුව නයිම්ට වඩා බලපෑමක් ඇත කරන දඟ පන්දු යවන්නෙක් දෙවන තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව හමුවන්නටත් ඉඩ තියෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...