ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

Date:

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය 2025 ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය 28 වන දා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30 පැවත්වීමට නියමිතයි.ඒ ඉන්දියාව සමඟයි.
කරුණු වාර්තාවන ආකාරයට ඉන්දියානු යොවුන් කණ්ඩායම හොඳ පෙර පුහුණු සැසිවලින් සන්නද්ධව සිටිනවා.එහෙත් ශ්‍රී ලංකාව වැනි නෙට්බෝල් ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන ආසියානු රටක් හැටියට ඉන්දියාව පරාජය කිරීමේ හැකියාවෙන් යුක්ත බව අපේ අදහසයි.


පළමු තරගයෙන් හොංකොං කණ්ඩායම පරාජය කිරීම සම්බන්ධයෙන් ඇති සතුටට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේදී තමන් වෙතින් සිඳු වූ අත්වැරදීම් සහ අතපසුවීම් සම්බන්ධයෙන් කල්පනාවට ගත යුතු වෙනවා.විශේෂයෙන් කණ්ඩායමේ සිටින ලාබාලතම ක්‍රීඩිකාව ලෙස මිහිඳුම් කීර්තිසිරි ගෝල් ඇටෑක් ස්ථානයේදී සිඳු කරන ලද අතපසුවීම් නිවැරදි කර ගැනීම මේ තරගයේදී වැදගත් වෙනවා.
ඇය කණ්ඩායමේ සිටින ලාබාලතම ක්‍රීඩිකාව මෙන්ම මෙම තරගාවලියට සහභාගි වන්නේ ජාත්‍යන්තර අත්දැකීම් රහිතව වීම ගැන මෙන්ම,උසස් මට්ටමේ පුහුණු තරග සඳහා නොලැබුණු අවස්ථාව ද නිසා යම් කැළඹීමකට පත්ව සිටිනවා වෙන්න පුළුවන්.එම නිසා මේ තරගාවලියට දෙවන වරටත් මුහුණ දෙන කණ්ඩායම් නායකාව ඇතුළු ක්‍රීඩිකාවන් සිව් දෙනා මෙහිදී ඇයගේ මනස තරගයට සුදුසු ආකාරයෙන් පිටිය තුළ පවත්වා ගැනීම සම්බන්ධයෙන් කල්පනා කිරීම වැදගත් වෙනවා.ගෝල් ෂූටර් ස්ථානයේ ක්‍රීඩා කරන භාෂි උඩගෙදරට හැකියාව තිබෙනවා.
විශේෂයෙන් තරගය පහසු වුවහොත් මිහිඳුම් වෙත වැඩි අවස්ථා ගණනක් ලබා දෙමින් විශ්වාසය තහවුරු කිරීමට භාෂි වැනි අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකට හැකියාව තිබෙනවා.අවසාන ප්‍රතිපලයේ ලකුණු පරතරයට එයින් යම් හානියක් විය හැකි නමුත්,ඉදිරියේ වැඩි දුෂ්කරතා සහිත අවස්ථාවන් ජය ගැනීමට එය වැදගත් වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...