චීනයෙන් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ?

Date:

මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට පිළියම් ලෙස තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටිනවා.

මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පවා ඇණහිට තිබෙන අතර ඉන්ධන ආනයනය සඳහාද ඉතිරිව තිබෙන්නේ ඉන්දියාව මීට පෙර ලබාදුන් ණය මුදලෙන් තවත් ඩොලර් මිලියන 200 ක් පමණි. එම මුදලද අවසන් වුවහොත් ඉන්ධන ආනයනයද ඇණහිටිනු ඇත.

මේ නිසා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා චීනයෙන් සහ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 බැගින් ලබා ගැනීමටයි අපේක්ෂා කරන්නේ.

මේ අතර රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්නා ලෙස මහා භාණ්ඩාගාරය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. යුක්රේන අර්බුදය හේතුවෙන් ලොව බොහෝ රටවල් රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීම ප්‍රතික්ෂේප කර හෝ සීමා කර තිබෙනවා. මේ නිසා අඩු මිලට රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇති අතර ඉන්දියාවද සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් සපුරා ගන්නේ රුසියාවෙනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...