කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බවත් හෝටල් ක්ෂේත්‍රයට අදාළව සෑම වසරකම යම්කිසි සහල් ප්‍රමාණයක් ආනයනය කිරීම සිදුවුණු බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“කීරිසම්බා ගත්තාම විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෙනවා. නාඩු සහ සම්බා සහල්වල නම් ප්‍රශ්නයක් නැහැ. කීරිසම්බා සහල්වල යම්කිසි ගැටලු මතුවෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන, හෝටල් කර්මාන්තය ඉලක්ක කරගත්තාම එහෙම ප්‍රශ්න මතුවෙනවා. ඒ තත්වයන් තුළ කොහොමත් අපි හෝටල්වලට අදාළ සහල් යම් ප්‍රමාණයක් හැමදාම හැමවිටම රටට ආනයනය කිරීමක් කරලා තියෙනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...

සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?

කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...