පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

Date:

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත් තමන් මෙම කමිටු වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සභාගත කරන බවත් එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම කමිටු වාර්තාවෙන් අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම් 151 අතරින් බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇති බවට හෙළිව ඇතැයිද රහුමාන් මහතා පැවසුවේය.

එම රතු ලේබලය යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේදි ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවද ස්කෑන් පරීක්ෂාවන් සිදුකරන නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු බවට සටහනක් යොදා තිබුණද කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇති අතර තවද ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇතැයිද වාර්තාවේ සඳහන් බවයි ඔහු පැවසුවේ.

මේ අතර බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වැනි දින වුවත් එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වැනි දින බහාලුම් 02ක් ද නිදහස් කර ඇති බවද අනාවරණය වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. .

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...