21 වැනි සංශෝධනය අද කැබිනට්ටුවට නොදැම්මොත් අද රෑම අයින් වෙනවා – හරීන් (VIDEO)

Date:

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සඳහා සකස් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (23) දිනයේදී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් නොකෙරුණහොත් අද රාත්‍රියේම ආණ්ඩුවෙන් ඉවත් වන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

අනිවාර්යයෙන්ම අද දිනයේදී එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව පැවසූ ඒ මහතා ඊට එරෙහිව කවුරුන් කුමන්ත්‍රණ කළත් ඒවා සාර්ථක නොවනු ඇති බවත් සඳහන් කළේය.

කැබිනට් අනුමැතිය ලැබුණු පසු අදාළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට එන බව පැවසූ අමාත්‍යවරයා එහිදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අද දිනයේදී නව අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත කරගත් බලතල රැසක් යළි පාර්ලිමේන්තුව වෙත ලබාගැනීම සහ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම 21 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඹිලිපිටියේ ගරාජයක් තුළින් සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන මෝටර් රථයක් මතු වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : ඇඹිලිපිටිය පොලීසිය විසින්...

අනුර සහෝදරයා ජනාධිපතිවෙලා අවුරුද්දයි ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW:අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු ජපානයෙ යන්න….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා උළෙල...

වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා...